සන්නායක තහඩු දෙකක් අතර පාරවිද්‍යුත් ද්‍රව්‍යක් තැබීමෙන් ධාරිත්‍රක සකසා ඇත. පාරවිද්‍යුත් ද්‍රව්‍ය ලෙස වාතය, කඩදාසි, මයිකා වැනි විදුලිය ගමන් නොකරන දෑ භාවිතා කරයි.මෙහි ධන අග්‍රයට සමිභන්ධ තහඩුව + ලෙසත් සෘණ අග්‍රයට සමිභන්ධ තහඩුව - ලෙසත් ආරෝපණය වෙි. විදුලිය ගබඩා කර ගැනිම ධාරිත්‍රකයක් ආරෝපණය විම ලෙසද ගබඩා කරගත් විදුලිය මුදාහැරීම විසර්ජනය ලෙස හදුන්වයි.
ධාරිත්‍රකයක ධාරිතාව කෙරෙහි බලපාන සාධක.
- තහඩුවල කේෂ්ත්‍රඵලය
- තහඩු අතර දුර
- පාරවිද්‍යුත් ද්‍රව්‍යයේ පාරවෙිද්‍යතාව
ධාරිත්‍රක ප්‍රධාන වශයෙන් කොටස් 2කි
- ස්ථිර ධාරිත්‍රක
- විචල්‍ය ධාරිත්‍රක
ඒවාද නැවත කොටස් වලට බෙදේ (පහත ලෙස)
සරළ ධාරාවෙි රැලිති භාවය අඩු කිරිම නිවැරදි සංඛ්‍යාතය තෝරා ගැනිම ධාරිත්‍රක වල කාර්ය භාර්ය වෙි.
පාර විද්‍යුත් ද්‍රව්‍ය අනුව ධාරිත්‍රක නැවත කොටස් වලට බෙදේ.
- කඩදාසි ධාරිත්‍රක
- මයිකා ධාරිත්‍රක
- සුමැටි ධාරිත්‍රක
- ප්ලාස්ටික් පටල ධාරිත්‍රක
- විද්‍යුත් විච්ඡේද්‍ය ධාරිත්‍රක
- කඩදාසි ධාරිත්‍රක
ඇලුමිනියම් තහඩු පටි ආකාරයට ගෙන පාර විද්‍යුත් ද්‍රව්‍ය ලෙස ඉටි ගල්වන ලද ඉස්තරයක් තහඩු දෙක අතරට තබා ඔතා සකස් කර ගනු ලබයි ...
- මයිකා ධාරිත්‍රක
සමාන්තර තහඩු ගණනාවක් යොදා ධාරිතාව වැඩි කර ගෙන ඇත...සුසර පරිපථ හා පෙරහන් පරිපථ වල භාවිතා වේ.
- සුමැටි ධාරිත්‍රක
පාර විද්‍යුත් ද්‍රව්‍ය ලෙස පිඟන් මැටි යොදා ගෙන ඇත...සංඥා අතුර මාරු මාරුකිරීම පෙරහන් හා දොළක වල භාවිතා වේ.
- ප්ලාස්ටික් පටල ධාරිත්‍රක
පාර පාර විද්‍යුත් ද්‍රව්‍ය ලෙස ප්ලාස්ටික් යොදාගෙන ඇත.
- විද්‍යුත් විච්ඡේද්‍ය ධාරිත්‍රක.
මේවා වර්ග දෙකකි
- ද්‍රව්‍ය තාවයක් සහිත
- ද්‍රව්‍ය තාවක් රහිත...
ධාරිත්‍රක මනින ඒකකය ෆැරඩයයි.(F)
thank you dariththrayak kohomada kiyala danaganna puluwan una. meya pala kala kenata godak sthuthi
ReplyDeleteThis is highly informatics, crisp and clear. I think that everything has been described in systematic manner so that reader could get maximum information and learn many things. high voltage high power resistor
ReplyDelete