USB KIT



ඉතින් යාලුවනේ කොහොමද...? 

අද පොඩි අලුත් දෙයක් අරගෙන ආවා. වැඩ රාජකාරි මැද්දෙ විභාගයක් මැද්දේ වැඩ කරන්නේ. සොරි වෙන්න පොස්ට් එකක් දාන්න බැරි වෙන එකට....

අද මම කියලා කියලා දෙන්නේ USB KIT ගැන. ගොඩක් අයට මෙි උපකරණය ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ උපකරණයට මුලින්ම අප විදුලිය සම්බන්ධ කරන ආකාර පිළිබඳව සොයා බලමු. 

මෙම උපාංගයට විදුලි සම්බන්ධ කිරීමට ක්‍රම 2ක් ඇත. 

එනම් ප්‍රධාන විදුලියෙන් විදුලිය සම්බන්ධ කිරීම. 
එසේත් නැතිනම් ඉහත උපාංගය සම්බන්ධ කරන උපකරණයෙන් විදුලිය ලබාගෙන සම්බන්ධ කිරීම. 

මෙහිදී අප විමසිලිමත් විය යුත්තේ ලබා දිය යුතු විදුලිය ප්‍රමාණය ගැනයි. මෙම උපකරණය 12V හා 5V යන විදුලි අගයන්ගෙන් ක්‍රියාත්මක කළ කල හැකි අතර 12V ලබා දුන්න ද එහිදීද ක්‍රියාත්මක වනුයේ 5V මගින් ඒ මන්ද යත් එහි 5V රෙගියුලේටරය ඇති බැවිනි. 12V එකකට වුවද 5V විදුලිය ලබා දිය හැක. උපකරණය ක්‍රියාත්මක වේ. 

මෙම උපකරණය මගින් mp3 FM AUX යන දෑ භාවිතා කළ හැකි අතර එම උපකරණය විවිධ ආකාරයෙන් දක්නට හැක. අද වන විට විශාල වශයෙන් මෙය භාවිතා කළ හැකියි. විවිධ ප්‍රදේශයන් අනුව විවිධ මිල ගණන් යටතේ ලබා ගත හැක. මෙ මගින් ඉවත්ව යන W ප්‍රමාණය ඉතා අඩු බැවින් මෙය පසු වර්ධකයකට (power amp) සම්බන්ධ කළ යුතුය.








ඉතින් යාලුවනේ තවත් අළුත් දෙයකින් හමුවෙමු....

Buddhika Ruwan

SHARE

0 comments:

Post a Comment