ඉලෙක්ට්‍රොනික් වැඩකරැවන්ගේ සමීපතම යහළුවා මල්ටි මීටරයයි.එය විවිධ අයුරින් අපහට උපකාරි වෙි.
මල්ටි මීටර්යක කොටස්
- දර්ශකය(INDICATOR)
- දර්ශක සීරු මාරු කරනය
- ඔිමි ශුන්‍ය සැකසුම
- පරාස තෝරන ස්විචය
- පරීක්ෂක දඩු
- වෝල්ටියතා හා ධාරා පරිමාණ
- ප්‍රතිරෝධ ප්‍රමාණය.
(මේවායින් කෙරෙන කාර්යයන් අවශ්‍යනම් කමෙන්ට් කරන්න)
මල්ටිමීටරයේ පරාසය තෝරන අදාල අගය පරාසයන්ට යොමුකිරීමෙන් පරාසයන්ගෙන් වෝල්ටීයතා ධාරා හා ප්රතිරෝධයන් මන ගත හැකිය.
මල්ටි මීටරයක් භාවිතයේදී පොදු පහත කරුණු ගැන සැලකිලිමත් වන්න.
- පරාස තෝරනය යොමුකර ඇති පරාසය දැක්වෙන උපරිම අගයන්ට වැඩි අගයන් මැනීමෙන් වලකින්න.
- සරල ධාරාවේ වෝල්ටීයතා හා ධාරා මිනුම් ලබා ගැනීමේදී ධ්‍රැවීයතාවට අනුරූපව පරීක්ෂක දඩු සම්බන්ධ කරන්න.(රතු+|||කළු-)
- මල්ටිමීටරය භාවිතයට නොගන්නා අවස්ථාවේදී පරාස තෝරනය OFF අවස්ථාවෙි හෝ උපරිම AC වෝල්ටීයතා පරාසයේ තබන්න.
- සෑම විටම පරාස තොරණය මැනීමට අපේක්ෂා කරන රාශියට අදාල නියමිත පරාසයට යොමු කරන්න.
- මිනුමක් කියවා ගැනීමේ දී මුහුණට ලම්බකව දර්ශකයට කෙලින් ඇස යොමු කර නිවැරදි පාඨාංකය කියවාගන්න බොහෝ මුහුණත් වල දර්පණ තලයක් ඇත එවිට දර්ශකයන්හි දර්ශනය ප්‍රතිබිම්බය ලෙස පවත්වාගෙන පාඨාංකය කියවා ගත යුතුය.(digital multi meter අදාල නැත)
භාවිතයේ පවතින මල්ටි මීටර් වර්ග කිහිපයකි
- ප්‍රතිසම මල්ටි මීටරය (ඇනලොග් multi meter)
- විද්‍යුත් යාන්ත්‍රික (electronic mechanical)
- ඉලෙක්ට්‍රොනික් (electronic)
- සංඛ්‍යාංක මල්ටිමීටරය (digital multi meter) [මල්ටිමීටරය මගින් මිනුම් ලබා ගන්නා ආකාරය අවශ්‍යනම් comment කරන්න] සාමාන්‍ය මල්ටිමීටරය රුපියල් 550 සිට 800 ඒ අතර මුදලකට ලබාගත හැකි අතර සංවේදිතාවය නිරවද්‍යතාවය වැඩි මල්ටි මීටරයක් ඉතා ඉහළ අගයකින් යුත් මුදලකින් ලබා ගත හැක.
0 comments:
Post a Comment