04. SPEAKER ස්පීකරය - හරස්මාරු පරිපථ


ඉතින් යාලුවනේ කොහොමද...?
තාක්ෂණික ලෝකයේ සිටින අපගේ යහළුවන්ට තිබෙන විශාල ප්‍රශ්නයක් ලෙස මෙය සැලකිය හැකියි. අපි සාදන හෝ කඩයකින් මිලදී ගන්නා බෆල් සඳහා එහි ඇතුළත මෙය වැඩි වශයෙන් භාවිතා කර ඇත. මෙහිදී සිදු වුණේ අපි ඉහත කතාකල උස් මධ්‍ය හා පහත් හඬවල් ලබාගැනීමට අපි භාවිතා කරන ටීවීටර්, මිඩ්රේන්ජ්, වූෆර් speaker භාවිතා කරන අතර මෙම speaker බල වර්ධකයට සම්බන්ධ කර ක්‍රියාත්මක කළ විට ඒ ඒ ස්පීකර් තුළින් අප බලාපොරොත්තු වන ආකාරයේ උසස් තත්ත්වයේ හඬ පිට නොවේ. මෙයට හේතුව ලෙස බල වර්ධකයක් ප්‍රතිදානයේ ඇති සමස්ත සංඛ්‍යාත පරාසයක් ම ස්පීකර් වර්ග තුනට ම සෘජුවම එකවර ලබා දීමයි.

එම තත්ත්වය මග හැරීමට නම් බලවර්ධකයෙන් ප්‍රතිදාන වෙන සංඛ්‍යාත කලාප ඒ ඒ ස්පීකරයට යෝග්‍ය පරිදි පෙරා හෝ වෙන්කර ලබාදිය හැකිය. මේ සඳහා පෙරහන් පරිපථ භාවිතා කරයි. අංග සම්පූර්ණ පෙරහන් පරිපථයක් හරස් මාරු පරිපථයක් ලෙස නම් කරයි. මේවා භාවිතය මගින් විවිධ හඬ සංකලනය කොට ශ්‍රවණය කළ හැකිය.

පෙරහන් පරිපථ වර්ග හතරකි

  1. ආධි යැවුම් පෙරහන්-අධි සංඛ්‍යාත පමණක් යවයි.
  2. මැදි යැවුම් පෙරහන්-මාධ්‍ය සංඛ්‍යාත පමණක් යවයි.
  3. අව යැවුමි පෙරහන්-පහළ සංඛ්‍යාත පමණක් යවයි.
  4. කලාප යැවුමි පෙරහන්-තෝරාගත් සංඛ්‍යාත පරාසයන් පමණක් යවයි


හරස් මාරු පරිපථ සකස් කිරීමේදී ධ්‍රැව රහිත ධාරිත්‍රක හා පරිවෘත තඹ කම්බි දඟර භාවිතා කරයි. ධාරිත්‍රය මගින් උච්ච සංඛ්‍යාත කපා හරි.දඟර මගින් පහත් සංඛ්‍යාත කපා හරී.











ඉතින් යාලුවනේ තවත් අළුත් දෙයකින් හමුවෙමු....

Buddhika Ruwan

SHARE

0 comments:

Post a Comment