ඍජුකරණය


ඉතින් යාලුවනේ කොහොමද?.... 


සෘජුකාරක ඩයෝඩ භාවිතා කර ප්‍රත්‍යාවර්ථ ධාරාවක් සරල ධාරාවක් බවට පත් කිරීම ඍජුකරණයයි. ඍජුකරණය කිරීමට පෙර පරිණාමකයක් භාවිත කර වෝල්ටියතාව අඩු කරනු ලැබේ. වෝල්ටීයතාවය අඩු කිරීමට හේතු වන්නේ බොහෝ ඉලෙක්ට්‍රොනික පරිපථ වල භාවිතා වන්නේ 3v 4.5v 5v 6v 9v 12v වැනි අඩු සරල ධාරා වෝල්ටියතා අගයක් වීමය. ඍජුකරණය සඳහා පරිණාමකයක් තෝරා ගැනීමේදී ස්ව සැපයුමෙන් ලබාගැනීමට බලාපොරොත්තු වන උපරිම ධාරාවට ගැලපෙන පරිණාමකයක් තෝරාගත යුතුයි. 300mA, 500mA, 1mA, 2mAවැනි ප්‍රමාණව වලින් ලබා ගත හැක.


ඍජුකරණය කිරීමේ ක්‍රම කීපයකි.


  1. අර්ධ තරංග ඍජුකරණය 
  2. පූර්ණ තරංග ඍජුකරණය
  • අර්ධ තරංග ඍජුකරණය  (1රැපය)

අර්ධ අර්ධ තරංග ඍජුකාරක පරිපථයේ ප්‍රතිදානය ධාරිත්‍රකයක් රහිත අවස්ථාවේදී දෝලනේක්ෂයකින් නිරීක්ෂණය කළවිට ලැබෙන තරංග හැඩ පහත රූප සටහන් වල දක්වා ඇත. තරංගයේ ධන අර්ධයේ දී පමණක් ඩයෝඩය ඉදිරි නැඹුරු වී ධන අග්‍රය පමණක් ප්‍රතිදානය ලෙස ලැබී ඇත. ඩයෝඩයේ පැත්ත මාරු කර සම්බන්ධ කළහොත් රින අර්ධ වක්‍රයේදී පමණකක් ඩයෝඩය ඉදිරි නැඹුරුවී සෘණ අර්ධය පමණක් ප්‍රතිදානයට ලැබේ. මෙහිදී සුමට සරල ධාරාවක් ලැබී නොමැත. රැළිති වෝල්ටීයතාවයක් ඇත. මෙවැනි සරල ධාරාවක් ස්පන්දනය සරල ධාරාවක් නමින් හඳුන්වයි (2රැපය)



ධාරිත්‍රකයක් යෙදීමෙන් මෙහි ප්‍රතිදානය සුමටනය කළ හැකිය.ධාරිත්‍රකයක් යෙදු අවස්ථාවේදී ප්‍රතිදාන තරංගය නිරීක්ෂණය කළහොත් රැළිති වෝල්ටියතාව අවම වී ඇති බව ඔබට දැක ගත හැකිය එනම් පිරිසිදු සරල ධාරාවකට ආසන්න වී ඇත. මෙම පරිපථය ප්‍රධාන ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවය හා ප්‍රතිදාන සරල ධාරා වෝල්ටීයතාව අතර සම්බන්ධය පහත රූප සටහන් වල දැකිය හැක.

  • පූර්ණ තරංග සෘජුකරනය ෴මධ්‍යසවුණත් පරිණාමකයක් සහිත පූර්ණ තරංග ඍජුකරණය෴
මෙහි මැද සවුණත් පරිණාමකයක් යොදා ඩයෝඩ දෙකක් යොදා ඇත ධාරිත්‍රක රහිත අවස්ථාවේදී ප්‍රතිදාන තරංගය නිරීක්ෂණය කළහොත් ධන හා සෘණ අර්ධ වක්‍ර දෙකම සහිත ස්පන්දමය සරල ධාරාවක් ලැබේ. මෙහි ප්‍රධාන A.C වෝල්ටියතාව හා ප්‍රතිදාන D.C වෝල්ටීයතාවය අතර සම්බන්ධය පහත ප්‍රකාශනයෙන් ලබාගත හැකිය. ධාරිත්‍රකයේ යොදා ඇති අවස්ථාවේදී ලැබෙන ප්‍රතිදාන තරංගය නිරීක්ෂණය කළවිට කළ විට පැවැති වෝල්ටීයතාව අවම වී සුමට සරල ධාරාවක් ලැබෙන බව දැකිය හැකිය. (ගැටලු තිබේ නම් විමසන්න ඡායාරූප එක් කර ඇත )







ඉතින් යාලුවනේ තවත් අළුත් දෙයකින් හමුවෙමු....

SHARE

0 comments:

Post a Comment