01. SPEAKER ස්පීකරය



ඉතින් යාලුවනේ කොහොමද...? 

විද්‍යුත් සංඥා ශ්‍රව්‍ය පරිපථ තරංග බවට සකස්කරනුයේ ස්පීකරය මඟිනි. ඔබ විවිධ ආකාරයේ විවිධ ප්‍රමාණයේ ස්පීකර දැක ඇති බවට විශ්වාසයි. ස්පීකරයක ක්‍රියාකාරි කොටස් පහත දක්වා ඇත.


මෙහිදී ප්‍රත්‍යාවර්ත විද්‍යුත් සංඥාවන් ධාරාවක් ලෙස ස්පීකරයේ හඬ දඟරය වෙත ලබා දුන් විට හඬ දඟරය මගින් විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරයි. ස්පීකරයේ ඇති නිත්‍ය චුම්භකයේ ක්ෂේත්‍රයත් දඟරයේ ඉහත විද්‍යුත් විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් අතර අන්‍යෝන්‍ය අන්තර් ක්‍රියාකාරිත්වයක් ඇතිවෙි. මේ නිසා හඬ දගරය ඉදිරියට හා පසුපසට චලනය වේ. එමනිසා කඩදාසි කේතුව ද ඉදිරියට හා පසුපසට කම්පනය වෙයි. එම කම්පනය නිසා ශබ්දයක් උපදී. එම ශබ්දය කඩදාසි කේතුවේ කම්පනයට අනුරූපය කඩදාසි කේතුවේ කම්පනය හඬ දඟරයට ඇතුළුවන විද්‍යුත් සංඥාවට අනුරූපය. මේ නිසා ස්පීකර මගින් ප්‍රත්‍යාවර්ත සංඥාවට අනුරූප ශබ්ද සංඥා ලබා ගත හැකිය.

  • ස්පීකරයක් මිලට ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

  1. සම්බාධනය ගැලපේ දැයි සලකා බලන්න, එය ඕමි 4,8,16 වශයෙන් ඇත.
  2. කඩදාසි කේතුගේ විශ්කම් මේ විෂ්කම්භය අවශ්‍ය ප්‍රමාණයට ගැලපේ දැයි බැලීම. 3CM සිට35CM අතර විශ්කම්භ සහිතව ඇත.
  3. ක්ෂමතාව පිළිබඳ ව පිළිබඳ ව සැලකිලිමත් වන්න මෙය W වලින් දක්වා ඇත.


නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න...





ඉතින් යාලුවනේ තවත් අළුත් දෙයකින් හමුවෙමු....


SHARE

0 comments:

Post a Comment