02. පරිපථ මුද්‍රණය



ඉතිං යාලුවනේ කලින් අප කතා කළා මුද්‍රිත පරිපථ පුවරු සැකසීම පිළිබඳව...

04. පියවර
සිදුරු සලකුණු කර ඇති ස්ථාන විදුම් යන්ත්‍රයක් භාවිතා කර තඹ පටලය ඇති පැත්තේ සිට සිදුරු විද ගන්න අනෙකුත් පැත්තේ සිට සිදුරු ලැබූ විට තඹ පටලය ගැලවී යාම සිදුවිය හැකිය. මේ සඳහා වන 1MM විදුම් කටුවක් භාවිතා කරන්න. අග්‍රවල හරස් කඩ ප්‍රමාණය වැඩි සමහර උපාංග ඇති අතර ඒවාට සුදුසු පරිදි විදුම් කටු තෝරා ගන්න.











05. පියවර
තඹ පටලය මත සටහන් කරගත් ධාරා මාර්ග සැලැස්මෙි ධාරා මාර්ග මත ජල ප්‍රතිරෝධී තීන්ත වර්ගයක් ආලේප කර ගත යුතුය. මේ සඳහාම විශේෂිත නිර්රේඛන පෑන භාවිත කළ හැකිය. (ETCH PEN) ස්ට්කරය හෝ ස්ටෙන්සිල් මත තිබියදී පින්සලකින් ගෑම හෝ විසිරනයකින් තීන්ත විසිරීම කළ හැකිය.



06. පියවර
ධාරා මාර්ග හැර අනවශ්‍ය තඹ කොටස් ඉවත් කිරීම මෙම පියවරේදී සිදුකෙරේ. මේ සඳහා සකස් කරගත් පුවරුවක ferric chloride (ෆෙරික් කලෝරයිඩි Fecl3) ද්‍රාවණයක ගිල්වා තැබිය යුතුය. ද්‍රාවනය සකස් කරන්නේ Fecl ජලයේ දිය කිරීමෙනි.
  • ද්‍රවණය සාන්ද්‍රණය තීරණය කරනු ලබන්නේ ද්‍රාවණයේ පැහැය තේ කහට පැහැයට සමාන වන සේය.
  • මේ සඳහා භාවිත කරන භාජන ප්ලාස්ටික් හෝ වීදුරු විය යුතුයි ලෝහ භාජන සමඟ Fecl3 ප්‍රතික්‍රියා කරයි.
  • අනවශ්‍ය තඹ කොටස් සියල්ලම ඉවත් වන තුරු භාජන සොලවමින් පුවරුව ද්‍රාවනය තුල ගිල්වා තබන්න.


07. පියවර
පුවරුව භාජනයෙන් ඉවතට ගෙන ගලා යන ජලයෙන් හොඳින් සෝදා ගෙන වියළා ගන්න. ඉන්පසු ධාරා මාර්ග මත ඇති තීන්ත තිනර් වැනි ද්‍රාවණයක් භාවිත කර ඉවත් කරගන්න පූරුවේ සිදුරැ තුලින් උපාංගවල අග්‍ර යවා ඡායාරූප පරිදි පාස්සගන්න.
පෑස්සිමෙන් පසු උපාංග අග්‍රවල පැස්සුමෙන් පිටතට ඇති කොටස් කපන අඩුවක් භාවිතා කර කපා ඉවත් කරගන්න. 



පරිපථ මුද්‍රණය කර ගැනිමට අදාල සොෆ්ට්වෙයා එක 


{මිට අමතරව විවිධ අයුරින් පරිපථ නිර්මාණය කරයි.}


 















ඉතින් යාලුවනේ තවත් අළුත් දෙයකින් හමුවෙමු....

SHARE

0 comments:

Post a Comment