ඉතින් යාලුවනේ කොහොමද...?
-- ස්පිකර් සම්බන්ධ කිරීම --
ආයතනයක නිවේදන දීම සඳහා උත්සවයක් පවත්වන අවස්ථාවක ස්පීකර විශාල ප්‍රමාණයක් භාවිත කරයි. ස්පිකර වැඩි ගණනක් සම්බන්ධ කිරීමේ දී ශ්‍රේණිගත හා සමාන්තරගත සම්බන්ධ කිරීමේ මූලධර්ම උපයෝගී කර ගනී.
- ස්පීකර ශේණිගත සම්බන්ධය
මෙහිදී ශ්‍රේණිගත සම්බන්ධය අනුව ධන අග්‍රය අනෙක් ස්පීකරයේ සෘණ අග්‍රයටත් සම්බන්ධ කර විකාශනය යන්ත්‍රයට සවි කිරීමයි.
- ස්පීකර සමාන්තර ගත සමිභන්ධය
මෙහිදී ස්පීකරයේ ධන අග්‍රය අනිකුත් ස්පීකරයේ ධන අග්‍රය ටත් ඍණ අග්‍රය අනෙකුත් ස්පීකරයේ සෘණ අග්‍රයටත් සම්බන්ධ කිරීමයි.
- ස්පීකරය ශ්‍රේණිගත හා සමාන්තරගත සම්බන්ධය
ඉහත සඳහන් කළ දෙයාකාරයටම මෙහිදී ස්පීකර සම්බන්ධ කරයි.
විශාල ප්‍රදේශයක වැඩි speaker සංඛ්‍යාවක් යොදා ගැනීමට අවශ්‍ය වූ විට බල වර්ධකය සාමාන්‍ය ප්‍රතිදානය භාවිතා කළ නොහැක. ඒ සඳහා අධි වෝල්ටීයතා ප්‍රතිදාන අග්‍ර යොදාගත හැකිය. 70v හෝ 100v වෝල්ටීයතාවයක් ලබාගත හැකිය. තව ද මෙහිදී කුමන වෝල්ටීයතාවයක් අප භාවිතා කළ ද අපගේ ශබ්දවාහිනි උපකරණය අසලට රේඛීය වර්ධකයක් (line trnsfomer) භාවිතා කළ යුතුයි. මේවා විවිධ වෝල්ට් හා ඕම්ස් ප්‍රමාණයන්ගෙන් ලබා ගත හැක.





0 comments:
Post a Comment