02. ට්‍රාන්සිස්ටර් TRANSISTOR




ට්‍රාන්සිස්ටරයක පාදම ඔස්සේ විද්‍යුත් ධාරාවක් ගැලිමට සැලැස්වූ විට එ මෙන් කිහිප ගුණයකින් වර්ධනය වූ සංග්‍රාහක ධාරාවක් ලැබේ. පාදම ඔස්සේ ගලන ධාරාව IB ලෙස ද සංග්‍රහකය ඔස්සේ ගලන ධාරාව IC ලෙසද නම් කරයි..


පාදම් ධාරාවක් ගැලීමට ට්‍රාන්සිස්ටරයේ පාදම විමෝචක සන්ධිය වෝල්ටියතාවක් මගින් පෙර නැඹුරු කළ යුතු ය.ඒ අතරම ට්‍රාන්සිස්ටරය සංග්‍රහ සංග්‍රාහක විමෝචකය අතරට වැඩි වෝල්ටීයතාවයක් ලබාදිය යුතුය. ට්‍රාන්සිස්ටරයක පාදම් ධාරාව සමග සංඥාවක් ප්‍රදානය කළ විට එම සංඥාව ද වර්ධනය වී සංග්‍රහක ධාරාව සමඟ ලැබේ. මෙම අවස්ථාවේ දී ට්‍රාන්සිස්ටරය වර්ධකයක් ලෙස ප්‍රයෝජනයට ගත හැකිය.



ට්‍රාන්සිස්ටරයක පාදම් ධාරාව ගලා නොයන අවස්ථාවක සංග්‍රහක ධාරාව ගලා නොයයි. පාදම් ධාරාවේ අගය ක්‍රමයෙන් ඉහළ යන විට සංග්‍රහක ධාරාව ද ඉහළ නැග එක් අවස්ථාවකදී උපරිම වී එම අගයේම පවතී. මේ අනුව ට්‍රාන්සිස්ටරයක් තුළින් ධාරාවන් නොගලන අවස්ථාවන් එය තුලින් උපරිම ධාරාවක් ගලන අවස්ථාවක් යන අවස්ථා දෙක සැලකීමෙන් ට්‍රාන්සිස්ටරය ස්විචයක් ලෙස ක්‍රියා කරවිය හැකිවෙයි. ධාරාව නොගලන අවස්ථාව OFF අවස්ථාව ලෙසත්, ධාරාව ගලන අවස්ථාව ON අවස්ථාව ලෙස යොදා ගත හැක. 

(ට්‍රාන්සිස්ටර් වර්ග කීපයක අග්‍ර හඳුනාගත හැකි වගුව පහත දැක්වේ) 
(නිර්මාණය කරගත හැකි පරිපථ පහත දැක්වේ) 

## ඔබට නොතේරුණු තැනක් ඇත්නම් විමසන්න ##












Buddhika Ruwan




SHARE

0 comments:

Post a Comment