01. ට්‍රාන්සිස්ටර් TRANSISTOR



transistor ඒ අනුව ඉලෙක්ට්‍රොනික තාක්ෂණය විශාල පෙරළියක් කළ උපාංගයකි ට්‍රාන්සිස්ටරය.



මෙම නව සොයාගැනීම නිසා අඩු විදුලියක් ගැනීම නිසා අඩු විදුලි බලයකින් ක්‍රියා කරන එමෙන්ම කුඩා ඉඩ ප්‍රමාණයක් ගන්නා ඉලෙක්ට්‍රොනික පරිපථ සැලසුම් කිරීමට හැකිවිය. මේ හේතුව නිසා අතේ ගෙනයා හැකි ගුවන් විදුලි යන්ත්‍ර බිහිවිය. රූපවාහිනිය බර අඩුවීම පරිගණකය ප්‍රමාණයෙන් කුඩා විය. ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ලෝකයේ විශාල පෙරළියක් කළ කුඩා උපකරණයකි ට්‍රාන්සිස්ටරය.



1948 දී ඇමෙරිකානු විද්‍යාඥයන් තිදෙනෙකු වන ජෝන් බර්ඩීන් හා විලියම් ෂෝක්ලි හා වොල්ටර් බ්‍රැටෙින් යන අය විසින් ට්‍රාන්සිස්ටරය නිපදවන ලදී.



ට්‍රාන්සිස්ටරයක සැකැස්ම:-

                  ට්‍රාන්සිස්ටරයක් නිර්මාණය කිරීම සඳහා සිලිකන් හා ජර්මේනියම් යන අර්ධ සංනායක මූල ද්‍රව්‍ය භාවිතා කරයි. කාමර උෂ්ණත්වයේදී පිරිසුදු සිල් කරන සිලිකන් හා ජර්මේනියම් වල සන්නායකතාව ඉතා දුර්වලය බාහිරව මේවාට වෙනත් මූල ද්‍රව්‍ය එකතු කිරීමෙන් හා වෙනත් මාත්‍රණය කිරීමෙන් සන්නායකතාව වර්ධනය කළ හැකිය. සිලිකන් හා ජර්මේනියම් වලට antimony හෝ ආසනික් මාත්‍රණය කිරීමේන් සෘණ වර්ගය හෙවත් N වර්ගයේ අර්ධ සංනායක තනාගනී.



මේවයෙ සෘණ ආරෝපිත වාහක ඉලෙක්ට්‍රෝන බහුලය බහුලය silicon සිලිකන් හා ජර්මේනියම් වලට බෝරෝන් හෝ indiyan මාත්‍රණය කිරීමෙන් + වර්ගයේ හෙවත් P වර්ගයේ අර්ධ සන්නායක තනාගනී.මේවායේ වාහක කුහර බහුල ය.(ඡායාරූප පහත ඇත)





ඉහත p වර්ගයේ හා n වර්ගයේ අර්ධ සන්නායක කැබලි දෙකක් සන්ධි කිරීමෙන් p-n සන්ධියක් හෙවත් ඩයෝඩයක් තනාගත හැකිය. ඩයෝඩයක් යනු එක් දිසාවට පමණක් විද්‍යුත් ධාරාවක් ගලායන ඉලෙක්ට්‍රොනික උපාංගයකි. මෙවැනි PN සන්ධි දෙකක් එකතු වීමෙන් PNPහා NPN යනුවෙන් වර්ග දෙකකට අයත් ට්‍රාන්සිස්ටරයක් නම් උපාංගය තනාගත හැකිය.(ඡායාරූප එක් කර ඇත )



සෑම ට්‍රාන්සිස්ටරයේ ක්‍රම අග්‍ර තුනකි. මෙම අග්‍ර පාදම විමෝචකය හා සංග්‍රාහකය යනුවෙන් හඳුන්වයි.(B,E,C)
ට්‍රාන්සිස්ටරයක අර්ධ සන්නායක අර්ධසන්නායක සංධි යුගලයේ මැද පවත්නා අර්ධ සන්නායක කොටස පාදම ලෙස සලකන අතර දෙපස අර්ධ සන්නායක කොටස් සංග්‍රාහකය හා විමෝචන ලෙස සලකයි.මාත්‍රණ මට්ටම අනුව සංග්‍රාහකය හා විමෝචකය එකිනෙකට වෙනස් වේ.













ට්‍රාන්සිස්ටරයක විශේෂ ලක්ෂණය වන්නේ එහි ඇති විද්‍යුත් ධාරා වර්ධක හැකියාවයි.





Buddhika Ruwan

SHARE

0 comments:

Post a Comment