01. පරිපථ මුද්‍රණය



මුද්‍රිත පරිපථ පුවරු සැකසීම

ඉතිං යාලුවනේ කලින් අප කතා කළා පරිපථ පුවරු පිළිබඳව එහිදී විශේෂ ස්ථානයක් ගන්නවා මුද්‍රිත පරිපථ පුවරු. මෙහි වාසිය වන්නේ පුවරුව අවශ්‍ය ආකාරයට අවශ්‍ය භාණ්ඩ යොදා එය ඉක්මනින් සාදා නිම කර ගත හැකි වීමයි. ඉතින් අප අද කතා කරන්නේ පරිපථ පුවරුවක් සකසා ගන්නේ කෙසේද යන්නයි.

පරිපථ පුවරු සකසා ගැනීම සඳහා අප භාවිතා කරනවා කොපර් ක්ලැඩි පුවරුවක්. මේවා ෆයිබර් පුවරුවක තුනී තඹ පටලයක් අලවා සකස් කර ඇත මේවා වර්ග දෙකකි

01. පැත්තක පමණක් තඹ පටලයක් ඇති වර්ගය
02.දෙපසම තඹ පටල ඇති වර්ගය

පරිපථයේ ඇති ධාරා මාර්ග වල සංකීර්ණතාව අනුව මෙම පුවරු වර්ග දෙකෙන් එකක් තෝරා ගත යුතු වේ. එය අප භාවිතා කරන ආකාරය පිළිබඳව විමසිලිමත් වීමෙන් නිසියාකාරව නිම කරවා ගත හැක.

01 පියවර
අප සකස් කර ගැනීමට අවශ්‍ය පරිපථ සටහනට අනුව උපාංගවල අග්‍ර පිහිටන ආකාරයටම ඇඳීමෙන් උපාංග සටහන්ක් ඇද ගැනීමෙන් ධාරා මාර්ග සැලසුම ඇඳීම පහසු වේ. (උදාහරණයක් ලබාදීමට අවශ්‍ය බැවින් ඡායාරූප එක්කර ඇත.)


උදාහරණ පරිපථය සඳහා අවශ්‍ය උපාංගවල අග්‍ර පිහිටන ආකාරය පහත ඡායාරූප දක්වා ඇත.


02 පියවර
පරිපථ සටහනට අදාල හා අදාළ උපාංගවල අග්‍ර අතර පරතරයන්ට අනුව පහත දැක්වෙන ඡායාරූප පරිදි ධාරා මාර්ග සැලැස්ම නිදහස් අතින් ඇඳීම කළ හැකිය. තව ද උපාංග විශාල ප්‍රමාණයක් අප භාවිතා කරන්නේ නම් එම පරිපථ ඇඳීම සංකීර්ණ පරිපථ සැකසීම ලෙස සලකයි. එහිදී දාරා මාර්ග සැලැස්ම පරිගණකය උපයෝගී කරගෙන පහසුවෙන් සකසා ගත හැකිය. මේ සඳහා යෝග්‍ය පරිගණක මෘදුකාංග නිපදවා ඇත.

03 පියවර
copper clad පුවරුවෙ තඹ පටලය හොඳින් පිරිසුදු කර ඒ මත ඉහත ධාරා මාර්ග සැලැස්ම සලකුණු කරගතයුතුයි. ඒසඳහා ක්‍රම කීපයක් යොදා ගත හැකිය.
  • ස්ටිකර් කඩදාසියක් මත දරා මාර්ග සැලැස්ම ඇඳ ස්ටිකර් කඩදාසි පුවරුව මත අලවා ධාරා මාර්ග ස්ටිකරයෙන් කපා ඉවත් කර ගැනීම
  • කාඩ්බෝඩ් හෝ තුනී තහඩුවක් මත ධාරා මාර්ග සැලැස්මෙි ස්ටෙන්සිල් එකක් කපා ගැනීම.
  • එක් මුද්‍රිත පරිපථ පුවරු සැලැස්මකින් මුද්‍රිත පරිපථ පුවරු වැඩි සංඛ්‍යාවක් සෑදීමේ දී සේද රාමු මුද්‍රණ ක්‍රමය භාවිතා කරයි.මෙහි දී සේද රාමුව මත අදාල ධාරා මාර්ග සැලැස්ම ඇදගනු ලැබේ.
  • එදිනෙදා භාවිතා කරන්න පෑනකින් වුව ද ධාරා මාර්ග ඇඳ ගැනීම කළ හැකි නමුත් එය සාර්ථක නොවේ.




ඉතින් යාලුවනේ තවත් අළුත් දෙයකින් හමුවෙමු....


Buddhika Ruwan



SHARE

0 comments:

Post a Comment