පරිපථ පුවරු (circuit board)



ඉතිං යාලුවනේ පොඩ්ඩක් කාර්යබහුලයි. අද අපි අලුත් මාතෘකාවක් ගැන කතා කරමු.

පරිපථ පුවරු (circuit board)

ඉලෙක්ට්‍රොනික පරිපථ ඉදිකිරීමේදී උපාංග එකලස් කිරීමට උපාංග හා ධාරා මාර්ග සම්බන්ධ කර ගැනිමට පරිපථ පූවරැ භාවිත කරයි.
පරිපථ පුවරු වර්ග කිහිපයකි
  1. වෙිරෝ පුවරු
  2. මුද්‍රිත පුවරු
  3. ව්‍යාපෘති පුවරු


1. වෙිරෝ පුවරු වර්ග දෙකකි
  • තිත් න්‍යාස පුවරු
  • තීර පුවරු
තිත් න්‍යාස පුවරු

transistor සහිත පරිපථ එකලස් කිරීම සඳහා මෙම වර්ගය බහුලව භාවිතා කරයි. මෙහි සිදුරු අතර ධාරා මාර්ගය සම්බන්ධයක් නැත. මෙම ක්‍රමයේදී හරස් කම්බි භාවිතා කිරීමට සිදුවේ.



තීර පුවරු
සංගෘහිත පරිපථ isis සහිත පරිපථ එකලස් කිරීම සඳහා මෙම වර්ගය බහුලව භාවිතා වේ. මෙහි සිදුරු තීරුවක් ධාරා මාර්ගයකින් සම්බන්ධව ඇත. මෙම වර්ගය භාවිතා කිරීමෙන් හරස් කම්බි යෙදීම අවම කරගත හැකිය.


2. මුද්‍රිත පරිපථ පුවරු
රූපවාහිනී,ගුවන් විදුලි යන්ත්‍ර,පරිගණක වැනි සමහර විදුලි උපකරණ තුල එම උපකරණයට අදාලව පරිපථ රූප සටහන ඇද ඇති බවට ඔබ දැක ඇත. ඒවා මුද්‍රිත පරිපථ යන නමින් හඳුන්වයි.



ඉතා සංකීර්ණ පරිපථ මෙම ආකාරයට සටහන් කර ඇති බව ඔබට දැක ගත හැක. අප භාවිතා කරන බොහෝ විදුලි උපකරණ වල මෙය දැක ගත හැක. (අපැහැදිලි දෙයක් තියෙනවනම් කොමන්ට් කරන්න)


ඉතින් යාලුවනේ තවත් අළුත් දෙයකින් හමුවෙමු....

SHARE

0 comments:

Post a Comment