02. SPEAKER ස්පීකරය


ඉතින් යාලුවනේ කොහොමද...
අද අපි කතා කරන්න යන්නේ speaker ප්‍රධාන වශයෙන් බෙදෙන කොටස් පිළිබඳවයි.
ස්පීකර් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා
  1. ටිවිටර් ස්පිකරය(tweeter speaker)
  2. මිඩිරේන්ජ් ස්පිකරය(mid range speaker)
  3. වූෆර් ස්පිකරය(woofer speaker)

  • tweeter speaker
මෙම ස්පීකරය ප්‍රමාණයෙන් කුඩාය. විෂ්කම්භය 2.5 cm - 10cm පමණ ලබා ගත හැකි ය. ඉතා ඉහළ සංඛ්‍යාත සඳහා ප්‍රතිචාරයක් දක්වයි. 10000Hz සිට 30000Hz අතර සංඛ්‍යාත ලබාගැනීම සුදුසුවෙි. වයලීන හඩ ආදී උච්ච ස්වර පිට කිරීම සඳහා ට්විටර් භාවිත කරයි. එවැනි හඬවල් ට්‍රිබෙල් හඬ නම් වෙි.


  • mid range speaker
මධ්‍ය ප්‍රමාණයේ හඬ පිට කිරීමට යොදා ගනි. එනමි 20000Hz-10000Hz අතර සංඛ්‍යාත සඳහා ක්‍රියාකාරී වේ. සාමාන්‍ය විශ්කම්භය 10cm-15cm අතර වෙි. උච්ච මධ්‍යම හා පහත් යන සියලුම හඬ වල් මිශ්‍රව ලබා ගැනීමට යෝග්‍ය රේඩියෝ රූපවාහිනී ආදියේ බහුලව භාවිතා කරයි.


  • woofer speaker
මේය පහත් හඬවල් ලබා ගැනීමට ඉතා සුදුසුය. සංඛ්‍යාතය 20Hz-2000Hz අතර ක්‍රියාකාරි වෙි. බේස් හඬ ලබා ගැනීම සඳහා යොදා ගනී. විෂ්කම්භය 10cm-35cm අතර ප්‍රමාණ වෙළෙඳපොළේ ඇත.
තාක්ෂණයේ දියුණුව අනුව අද වන විට වෙළෙඳ පොළේ විවිධාකාරයෙන් විවිධ ප්‍රමාණයෙන් විවිධ ස්පිකර් ඇත.









නොතේරුන දෙයක් තියනවනම් අහන්න

ඉතින් යාලුවනේ තවත් අළුත් දෙයකින් හමුවෙමු....



Buddhika Ruwan

SHARE
    Blogger Comment
    Facebook Comment

1 comments: