ඉතින් යාලුවනේ කොහොමද....
අද අපි කතා කරන්න යන්නේ සරල ධාරා වෝල්ටීයතා ප්‍රභව ගැනයි.
සරල ධාරා මගින් ක්රියා කරන විදුලි හා ඉලෙක්ට්රොනික උපකරණ සඳහා විදුලිය සැපයීමට සරල ධාරා ප්රභවයන් ලෙස විදුලි කෝෂ බහුලව භාවිතා.කරයි විවිධ උපකරණ ක්රියාත්මක කිරීම සඳහා විවිධ වර්ගයේ කෝෂ නිෂ්පාදනය කර ඇත.
ප්රධාන වශයෙන් වියලි කෝෂ වර්ග දෙකකට බෙදා දැක්විය හැක .
- ප්රාථමික කෝෂ
- ද්විතීක කෝෂ
- ප්රාථමික කෝෂ
එක්වරක් පමණක් භාවිතයට ගත් පසු නැවත ආරෝපණය කළ නොහැකි කෝෂයක් ප්රාථමික කෝෂ නමින් හඳුන්වයි
- සාමාන්ය වියලි කෝෂ
- ක්ෂාරිය කෝෂ
- ම'කරි/සිල්වර් කෝෂ
- ද්වීතික කෝෂ
එක් වරක් භාවිතා කළ පසු නැවත නැවත ආරෝපණය කරගනිමින් භාවිතා කිරීමට හැකි කෝෂ ද්විතීක කෝෂ නමින් හඳුන්වයි.
උදාහරණ ලෙස පහත කෝෂ දැක්විය හැකිය.
- ලෙඩ් අම්ල ඇකියුමිලේටරය
- නිකල්/කැඩ්මියම්
- නිකල් මෙටල් හයඩ්රයි
- ලිතියම් අයන්.
කෝෂ වර්ගීකරණය හෙවත් නාමකරණය
වියළි කෝෂ විවිධ සාධකයන් ඔස්සේ වර්ග කරයි
හැඩය අනුව:
- හතරැස්
- පැතලි
- රවුම්
තවද මෙම හැඩයන් වර්ග කිරීමේදී හැඩය ඉංග්රීසි අක්ෂරයකින් දක්වා ඇත. එසේම අක්ෂරයට අමතරව අංක දෙකක් ද දක්නට හැක එයින් කියැවෙන්නේ උස සහ විශ්කම්භයයි
කෝෂයේ ධාරිතාව අනුව ^වර්ණකයන් පෙන්වා දී ඇත.
පාට අනුව:
- රතු-අධි ධාරිතාව
- කළු-අධි ජවය
- නිල්-සම්මත ආකාරය
විශාලත්වය අනුව:
- D
- C
- A
- AA
- AAA
බැටරියක සහ කෝෂයක වෙනස ඔබ දැන සිටියාද කෝෂ කීපයක් ශ්රේණිගතව සම්බන්ධ කර ගැනීමෙන් බැටරියක් සකස් කර ඇත. [අපැහැදිලි දෙයක් තියේනමි අහන්න]
ඉතින් යාලුවනේ තවත් අළුත් දෙයකින් හමුවෙමු....








තැන්ත්ස් මචං
ReplyDeleteLakshitha Dayarathna