ඉතින් කොහොමද යාලුවනේ?....
ද්විතීක කෝෂ ද ප්‍රමාණය වෝල්ටීයතා හා අඩංගු රසායනික ද්‍රව්‍ය අනුව වර්ගීකරණය කළ හැකිය.
- ද්‍රවයක් සහිත ද්වීතීක කෝෂ
- ද්‍රව්‍යයක් රහිත ද්විතීක කෝෂ.
ඊයම් අම්ල ඇකියුමිලේටරය
මේවායේ විද්‍යුත් විච්ඡේදය ලෙස ද්‍රව්‍යයක්(තනුක සල්ෆියුරික් අම්ලය) භාවිතා කෙරෙයි. කෝෂ කීපයක් එකිනෙකට ශ්‍රේණිගතව සම්බන්ධ කර බැටරියක් ලෙස සකසා ඇත. 6V හෝ 12v බැටරි ලෙස බහුලව ලබාගත හැකිය. බැටරියේ ධාරිතාව අනුව 35Ah, 60Ah, 70Ah, 90Ah, 120Ah ලෙස වර්ග කර ඇත. Ah වලින් දැක්වෙන්නේ ඇම්පියර් පැය යන්නයි. එනම් 60A බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය කල පසු 1Aක ධාරාවක් පැය 60ක කාලයක් ලබා ගත හැකි වෙයි.
මේවා මෝටර් රථ හා යතුරු පැදි සඳහා බහුලව භාවිතා කරයි. එමෙන්ම සූර්යකෝෂ පැනල මගින් උපදවා ගන්නා විදුලිය ගබඩා කර ගැනීම සඳහා මෙම බැටරි භාවිතා කරයි. එසේම ප්‍රධාන විදුලිය නොමැති ප්‍රදේශවල විදුලි පහන් දැල්වීමට හා රූපවාහිනී නැරඹීමට ද භාවිතා කරයි.
ඊයම් අම්ල ඇකියුමිලේටරය භාවිතා කරන ඔබ සඳහා වැදගත් උපදෙස් කිහිපයක් පහත දක්වයි.
- ආරෝපණය කළ බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය වන තෙක් භාවිතා නොකරන්න.
- £කිසිවිටෙකවත් බැටරි පරික්ෂා කිරීම සඳහා ධන හා ඍණ අග්‍ර ලුහුවත් නොකරන්න. (short circuit)
- බැටරියේ දක්වා ඇති අවම ද්‍රව මට්ටමට වඩා පහළ නොයන සේ ද්‍රවය පවත්වාගන්න.
- ද්‍රව මට්ටම අඩු වූ විට ආස්‍රත ජලය පමණක් යොදන්න. (distilled water)
ද්‍රවයක් රහිත ද්විතික කෝෂ
අතේ ගෙනයන ජංගම දුරකථන ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා භාවිතයට විද්‍යුත් විචිජේද්‍ය ලෙස ද්‍රව නොයෙදු නැවත ආරෝපණය කළහැකි බැටරි නිපදවා ඇත. තවද ක්‍රිඩා භාණ්ඩ, නැවත ආරෝපණය කළහැකි විදුලි පන්දමි, UPS සඳහා මෙම බැටරි භාවිතා කරයි.
මෙිවායේ භාවිතා කරන රසායනික ද්‍රව්‍ය අනුව කෝෂ වර්ග 3කට බෙදා වෙන් කරගත හැකිය.
1. නිකල් කැඩිමියමි(Ni/Cd)
මෙම කෝෂයක වෝල්ටීයතාව 1.2v මේ කෝෂ කිහිපයක් ඈඳීමෙන් 3.6v හා 4.8v බැටරි වශයෙන් සකසා ඇත ප්‍රමාණය විශාලයි ධාරිතාව හා කල්පැවැත්ම අඩුයි.
2. නිකල් මෙටල් හයිඩ්‍රයිඩ් (Ni/MH)
මෙම කෝෂක වෝල්ටීයතාවය 1.2vවේ මේවද 3.6v හා 4.2v බැටරි වශයෙන් සකසා ඇත ධාරිතාව හා කල්පැවැත්ම නිකල් කැඩ්මියම් (Ni/Cd)කෝෂයට වඩා වැඩිය.
3. ලිතියමි අයන්
මෙම කෝෂයක වෝල්ටීයතාවය 3.7v වේ බැටරියක ඇත්තේ තනි කෝෂයකි ප්‍රමාණය ඉතා කුඩා වන අතර ධාරිතාවන් හා කල්පැවැත්ම ඉහළ මට්ටමක පවතී බහුලව භාවිතා වේ.
ඉතින් යාලුවනේ තවත් අළුත් දෙයකින් හමුවෙමු....










0 comments:
Post a Comment