ප්‍රෙරක



ඉතින් යාලුවනේ කොහොමද?.... 
ප්‍රෙරක ගැන දැන ගනිමු.....
කම්බියක් , දගරයක් ලෙස පහසුවෙන් චුම්භක ස්‍රාවය ගමන් කල හැකි යකඩ වානේ වැනි ලෝහයකින් හරයක් සහිත හෝ හරයක් රහිතව දගරාකාරව තනා ඇති උපාංගයක් ප්‍රේරකයක් වේ.
මෙසේ කම්බි දගරයක් තුලින් ධාරාවක් ගමන් කරවීමේදී එම දගරය දෙපස චුම්භක ස්‍රාවරේඛා ගොඩනැගෙන අතර එමගින් එම කම්බි දගරයට ප්‍රේරකතාවක් ඇතිවේ. මෙම ගොඩ නැගෙන ප්‍රෙරකතාව හෙන්ඩ්‍රි (H) නම් එකකයෙන් මනිනු ලැබේ . මෙම ප්‍රෙරක ප්‍රධාන කොටස් දෙකකට බෙදේ .
  1. ස්ථි‍ර ප්‍රෙරක
  2. විචල්‍ය ප්‍රෙරක

  • ස්ථිර ප්‍රෙරක

කොටස් තුනකට බෙදේ. එවානම්,
  1. වායු හරයක් සහිත ප්‍රෙරක
  2. ෆ්‍රෙරයිඩ් හරයක් සහිත ප්‍රෙරක
  3. යකඩ හරයක් සහිත ප්‍රෙරක

  • විචල්‍ය ප්‍රෙරක

විචල්‍ය ප්‍රෙරකවල දගරයේ පොට සංඛ්‍යාව වෙනස් කිරීමෙන් ප්‍රෙරක තාව වෙනස් කරගත හැකිය .
පෙරහන් හා සුසර පරිපථ වල බොහෝ සේ විචල්‍ය ප්‍රෙරක භාවිතා වේ .







ඉතින් යාලුවනේ තවත් අළුත් දෙයකින් හමුවෙමු....


SHARE

0 comments:

Post a Comment