ඉතින් යාලුවනේ කොහොමද...? මේ දවස්වල් පොඩ්ඩක් වැඩ වැඩි පෝස්ට් එකක් දාන්න වෙලාවක් නෑ.
සේතු ඍජුකාරක පරිපථ
මෙහිදී ද අප කලින් කතා කළ මධ්‍ය සවුණත් පරිණාමකය යෙදු සෘජුකාරක පරිපථයේ ප්‍රතිදානයට සමාන ප්‍රතිදානයක් ලැබේ.
ඉහත කුමන ආකාරයට ඍජුකාරක පරිපථයක් සකස් කළ ද එහි එක් දෝෂයක් පවතී අපට අපට සපයන ප්‍රධාන විදුලිය වෝල්ටියතාවය හැමවිටම 230V නොවේ. ඊට වඩා වැඩි හා අඩු අගයන් ලැබෙන අවස්ථා ඇත. එවිට අවකර පරිණාමකයේ ද්විතීක දඟරයේ ප්‍රතිදානය හා වෝල්ටියතාව වෙනස්වීම් ප්‍රතිදාන D.C වෝල්ටියතාව ද වෙනස් වේ. එය මගහරවා ගැනීමට ඔබ ඉහත ඩයෝඩ පිළිබඳව කළ අධ්‍යයනයේ දී හඳුනාගත් සෙනර් ස්ථායිකාරක පරිපථය ඍජුකාරන පරිපථයේ ප්‍රතිදානයට සම්බන්ධ කර යොදා ගත හැකිය.
තවද අප සියලු දෙනාටම ඇති ප්‍රශ්නයක් ලෙස අධි වෝල්ටීයතාවක් අඩු වෝල්ටීයතාවයක් ලෙස සකසා ගන්නේ කෙසේද යන්නයි. ඒ සඳහා වෝල්ටීයතා ස්ථායි කාරක සංගීත පරිපථ ද වෝල්ටියතා ස්ථානයක සඳහා යොදා ගනී(voltage regulation) එය හදුනා ගැනීම සඳහා පහත රූප එක් කර ඇත.
මේවා තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුත්තේ එයින් ලබාදෙන හෝ ඉවත් කරනු ලබන වෝල්ටියතාව යයි. මේ සඳහා මේවා තෝරා ගැනීමේදී අවශ්‍ය ස්ථායි ප්‍රතිධාන වෝල්ටීයතාවයට ගැළපෙන පරිදි පහත දක්වා ඇති ඡායාරූප දත්ත වගුව ආධාර කරගත හැකිය.
ඍජුකාරක පරිපථයක වෝල්ටීයතා ස්ථායිකරණය සඳහා වෝල්ටීයතා ස්ථායිකාරක සංගෘහිත පරිපථ භාවිතා කරනු ලැබේ. විවිධ උපකරණ වලට ලබා දිය යුතු වෝල්ටීයතාව එකිනෙකට වෙනස්වන බැවින් විවිධ වෝල්ටීයතාවන් ලබාගත හැකි තනි සරල ධාරා ජව සැපයුමක අවශ්‍යතාව මතුවේ. මෙවැනි ජව සැපයුමක් සකසා ගත හැකි ක්‍රම දෙකක් පහත ඡායාරූප තුළ දක්වා ඇති අතර එය එම ආකාරයට ආකාරයට සකස් කර ගන්නා ජව සැපයුමක් විචල්‍ය සරල ධාරා ජව සැපයුමක් ලෙස හඳුන්වයි. (variable D'C power supply)
නොතේරෙන දෙයක් තියෙනවනම් අහන්න
ඉතින් යාලුවනේ තවත් අළුත් දෙයකින් හමුවෙමු....












mruuuuuuuuuuuuuu
ReplyDelete